කොටි හිතවාදීහු අමුතු පන්දුවක් යවති


ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ තරඟ පවත්වන විට ශ්‍රී ලංකා රජයට එරෙහිව උද්ඝෝෂණය කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියාවේ දෙමළ සරණාගත කවුන්සලය හා  රිෆියුජි  ඇක්ෂන් කලෙක්ටිව් සංවිධානය තීරණය කර තිබේ.  ඕස්ට්‍රේලියා රජය සහ සෙසු ලෝකය හමුවේ ශ්‍රී ලංකාව අප්‍රසාදය පළ කිරීම මොවුන්ගේ අරමුණ බව කියති. ශ්‍රී ලංකා රජය හා හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කරමින් දෙමළ ජාතිකයනට මානුෂික හා ශාරීරික හිංසා පමුණුවතියි ද දෙමළ සංස්කෘතිය වනසතියි ද කියමින් එම සංවිධාන මේ උද්ඝෝණ කරති. ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති මැල්කම් ෆ්‍රෙසර් මෙන්ම මන්නාරමේ රදගුරු රායප්පු ජෝසප් ශ්‍රී ලාංකික සරණාගතයන්ව යලි ශ්‍රී ලංකාවට නොයවන ලෙස ඕස්ට්‍රේලියා රජයට සිය අදහස් දක්වා ඇති බව ද වාර්තා වේ.