(සිරාජ් හසීම් සහ එස්.ප්‍රදීපන්)
අවසන් යුද සමයේදී මියගිය කොටි සාමාජිකයින් 500කගේ නම් ඇතුළත් පුවරුවක් හා ඔවුන්ගේ වීරත්වය පිළිබිඹු වන මුලතිව් මුල්ලිවයික්කාල්හී ප්‍රතිමාවක් දින 14ක කාලයක් යනතුරු විවෘත නොකරන්නැයි නියෝග කරමින් මුලතිව් දිසා විනිසුරු එම්.අයි.එම්.සම්සුඩීන් මහතා අද(18) තහනම් නියෝගයක් පැනවීය.
මුල්ලිවයික්කාල් සැමරුම අද පැවති අතර මීට සමගාමීව මෙම ප්‍රතිමාවද විවෘත කිරීමට සැලසුම් කර තිබිණි. මෙම ප්‍රතිමාවේ සහ නාම පුවරුවේ මිය ගිය කොටි සාමාජිකයින් නිරූපනය වන බවට මුලතිව් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්වූවේය.
පිරිමියකු විසින් තුවාල ලබා සිටින කාන්තාවක දෑතින් ඔසවාගනු ලැබ සිටින ආකාරය දකින කුඩා දරුවා හඬා වැළපෙන අයුරුත් නිරූපනය කරමින් මෙම පිළිරුව නිර්මාණය කර ඇත.

