කොටි සැකකරුවන්ට ඇප නෑ


ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් 18 මාසයක් පුරා රිමාන්ඩ් භාරයේ සිටින දෙමළ සිරකරුවන් සම්බන්ධයෙන් නීතිපති වාර්තා ලැබී නැති හෙයින් ඔවුන්ට ඇපදීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා ප්‍රතික්ෂේප කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් රිමාන්ඩ් භාරයේ සිටින හෙයින් නීතිපති නිර්දේශ නොමැතිව ඔවුනට ඇප දිය නොහැකි බව මහේස්ත්‍රාත් පැවසීය.