(රොමේෂ් මධුෂංඛ)
ශ්‍රී ලංකාව තුළ තවදුරටත් කොටි සංවිධානය තහනම් කොට තිබීම අර්ථ ශුන්‍ය ක්‍රියාවක් බවට උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥානම් මහතා යාපනයේදී මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පැවසීය.
යුද්ධය අවසන් වී වසර අටකටත් වඩා වැඩි කාලයක් ගත වී ඇති මෙවැනි මොහොතක එම සංවිධානය තහනම් කොට තිබීම කිසිඳු වැදගැම්මක් නැති ක්‍රියාවක් බව පවසන සභාපතිවරයා ඔවුන්ගේ සාමාජිකයින්ද අවි අතහැර දේශපාලනයට පවා පිවිසී සිටීම නිසා කොටි සංවිධානය තහනම් කිරීම තේරුමක් නොමති බව උතුරු පළාත් සභාවේ සභාපති වරයා වැඩිදුරටත් කීවේය.
එමෙන්ම කොටි සංවිධානය අවි ආයුධ අතට ගෙන වුවත් අපේක්ෂා කළේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට උත්සහ කිරීම බව පෙන්වා දී ඇති උතුරු පළාත් සභාවේ සභාපතිවරයා උතුරේ දෙමළ දේශපාලනඥයින් උත්සහ කරන්නේද එම අයිතිවාසිකම් දිනා ගැනීමට බව පවසා සිටියේය.
අත් අඩංගුවේ සිටින හා බන්ධනාගාරවල සිටින කොටි සැකකරුවන් සියලු දෙනා සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගෙන ඔවුන්ද සමාජගත කොට තහනම් කොට ඇති කොටි තහනම ඉවත් කොට අතීතය අමතක කිරීමට හොඳම කාලය දැන් එළඹ ඇති බවටද සභාපතිවරය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

