කොටි රැඳවියන්ගේ සිරමැදිරියක් ළඟ වළ දමා තිබූ ජංගම දුරකතන 44ක් සොයාගනී


( ජයන්ත සමරකෝන් )

වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින කොටි රැඳවියන්ගේ  සිර වාට්ටුව අසළ  භූමියේ වළ දමා තිබුණු ජංගම දුරකතන 44 ක් සොයාගත් බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
 
කොටි රැඳවියන් 102 නෙකු  පමණ මෙම සිර වාට්ටුවේ රඳවා සිටින අතර මෙවැනි  ආකාරයට ජංගම දුරකතන වළදමා ඇත්තේ ඇයිදැයි පරීක්ෂණ පවත්වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි. දුරකතන තොගයක් හමු වූ පළමුවතාවද මෙය බව බන්ධනාගාර ආංචි පවසයි.
 
දුරකතන ජාවාරමක් සඳහා  මෙය සිදු කරන්නට ඇතැයිද සැකයක් පවතී. ප්ලාස්ටික් භාජන දෙකක  මෙම දුරකතන තොගය අසුරා වළ දමා තිබු බවද  වාර්තාවේ.
 
මෙම සිදුවීම සම්බන්ධයෙන් ජේලර්වරයකුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවද  බන්ධනාගාර ආංචිමාර්ග කියයි.