කොටි නිල ඇඳුම් - පුපුරණ ද්‍රව්‍ය යාපනයෙන් තවමත් හමුවෙයි



යාපනය චාවකච්චේරි මරතඩි ප්‍රදේශයේදී ජල නල පද්ධතියක් එලමින් සිටි පිරිසකට කොටි සංවිධානයට අයත් නිලඇඳුමක කොටසක් හා පුපුරණද්‍රව්‍ය කොටස් කිහිපයක් හමුවී ඇතැයි චාවකච්චේරි පොලීසිය පවසයි.

යාපනය ජලසම්පාදන මණ්ඩලයේ කම්කරුවන් පිරිසක් මෙලෙසජලනල පද්ධතිය එලමින් සිටියදී පළමුව කොටි සංවිධානයට අයත්  නිල ඇඳුමෙහි කොටස් හමු වී ඇති අතර ඔවුන් විසින් පොලීසියට දැනුම්දී ඇත. අනතුරුව පොලිසිය සිදු කළ සෝදිසියේදී කොටි සංවිධානයට අයත් නිල ඇඳුමක උඩ කොටසක් හා පුපුරණදුව්‍ය අඩංගු කැබලි දෙකක් හමු වී ඇත.

එම කොටස්  අද (13) යාපනය චාවකච්චේරි පොලීසිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාල ස්ථානයේදී තවත් එවැනි නිල ඇඳුම් හෝ යුද උපකරණ ඇත්තේද යන්න පිළිබඳව සෙවීමේ කටයුතු සිදු කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.