කොටි නායිකාව යළි රිමාන්ඩ්


උගත් පාඩම් හා ප්‍රතිසංධාන වාර්ත්වෙන් දී ඇති නිර්දේශය අනුව කොටි සංවිධානයේ දේශාපලන අංශ නායිකා තමලිනී නිදහස් කරන ලෙස ඇගේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නීතිපති උපදෙස් මත ඒ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට වෙතියි දැනුම් දුන්නේය. 2009 දී අත්අඩංගුවට ගත් සුබ්‍රමුනියම් සිවසාමි නොහොත් තමලිනී ලබන 30 වැනි දින තෙක් යළි රිමාන්ඩ් බාරයට පත් කැරිණි.