කොටි දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වෙන්න යති


සිරාජ් හසීම්
 
ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ ආත්මාර්ථකාමී ප්‍රතිපත්ති විරෝධී ක්‍රියාකලාපය මත දෙමළ ජාතික විමුක්ති සන්ධානයෙන් ඉවත් වීමට පුනරුත්තාපනය කල කොටි සාමාජිකයින්ගෙන් සමන්චිත දෙමළ විමුක්ති කොටි සාමාජිකයින්ගේ පක්ෂය තීරණය කොට ඇත.
 
පළාත් පාලන මැතිවරණයට පෙරාතුව සන්ධානයේ දේශපාලන පක්ෂ හය අතර අත්සන් කල අබබෝධතා ගිවිසුමට පටහැනිව ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය කටයුතු කිරීමත් මෙය දැක නොදැක්ක සේ සන්ධානයේ නායකත්වය කටයුතු කිරිමත් මත මෙම තීරණයට පැමිණි බව මෙම පක්ෂය විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද නිවේදනයක සදහන්ය.
 
පළාත් පාලන මැතිවරණය අවසන් වීමෙන් පසු ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය පළාත් පාලන ආසන ලබාගැනීමේදී ආත්මාර්ථකාමීව කටයුතු කල බවත් මෙහිදී පළාත් පාලන ආසන සමසේ බෙදා නොදුන් බවත් මෙය දැක දැක නොදැක්ක ගානට දෙමළ විමුක්ති සන්ධානයේ නායන ආනන්ද සංගරි මහතාගේ ක්‍රියාකලාපයද අනුමත කල නොහැකි බවත් මේ හේතුව මත තවදුරටත් මෙම පක්ෂයේ රැදී නොසිටින බවත් මෙම පක්ෂය අවසන් වශයෙන් සදහන් කර සිටියේය.
 
ඉදිරි මැතිවරණ වලදී දෙමළ විමුක්ති කොටි සාමාජිකයින්ගේ පක්ෂය තනිව තරග කරන බවද මෙමගින් අවධාරණය කර තිබිණි.