රොමේෂ් මධුෂංඛ
මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී කොටි සංවිධානයට අයත් නිල ඇඳුමක්, කොටි සංවිධානයට අයත් කොඩියක් සහ බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බවට ඔඩ්ඩුසුඩාන් පොලීසිය පවසයි.
ඔඩ්ඩුසුඩාන් පේරාරු මංසන්ධිය ප්‍රදේශයේ දී මාන්කුලම් පොලීසියට අයත් රථවාහන පොලිස් නිලධාරීන් පිරිසක් මුර සේවයේ යෙදී සිට ඇති අතර එම අවස්ථාවේ දී පැමිණි ත්‍රී රෝද රථයක් පරික්ෂා කිරීමට යාමේදී ත්‍රී රෝද රථය නොනවත්වා ධාවනය කර ඇති අතර පසුව රථවාහන පොලිස් නිලධාරීන් විසින් අදාළ ත්‍රී රෝද රථය ලුහුබඳින අවස්ථාවේ දී එහි සිටි එක් අයකු පලා ගොස් ඇති අතර ත්‍රී රෝද රථයේ රියදුරු හා තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට රථවාහන පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත.
පසුව අදාළ ත්‍රී රෝද රථය පරික්ෂා කිරීමේදී කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද නිල යුද ඇඳුමක්, කොටි සංවිධානයේ කොඩියක්, ක්ලේමෝ බෝම්බයක් , අත්බෝම්බ තොගයක් ඇතුළු යුද උපකරණ තොගයක් තිබී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇත.
කෙසේ නමුත් යුද සමයේදී කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද මෙම යුද උපකරණ නැවත මෙලෙස රැගෙන යාම පිළිබඳව ආරක්ෂක අංශ වල දැඩි අවධානයකට යොමුව ඇති අතරම ත්‍රී රෝද රථයේ සිට පලා ගිය සැකකරු ද අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ සිටින සියලුම පොලිස් නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් එක්ව අද (22) අලුයම සිට පුළුල් සෝදිසි මෙහෙයුමක් මේ වන විට ආරම්භ කර තිබේ.