සිතුම් චතුරංග
වවුනියාව පම්පමඩුව කැළෑ ප‍්‍රදේශයක ලෝහ ද්‍රව්‍ය සොයන ස්කෑනර් යන්ත‍්‍රයක් භාවිතා කර කොටි සංවිධානය විසින් වළ දමා ඇති රත්තරං සොයා කැණීම් සිදුකළ ව්‍යාපාරිකයකු ඇතුළු පස්දෙනකු අත්අඩංගුවට ගත් බව පූවරසන්කුලම පොලිසිය පවසයි.
සුඛෝපභෝගී ජීප්රථ වලින් පැමිණ පම්පමඩුව කැළෑ ප‍්‍රදේශයක ස්කෑනර් යන්ත‍්‍රයක් යොදා භූමිය කැණීම් සිදුකරන පිරිසක් පිළිබඳ මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් හා ස්කෑනර් යන්ත‍්‍රය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
කැණීම් සිදුකිරීම සඳහා සැකකරුවන් පැමිණි සුඛෝපභෝගී ජිප් රථයක් , ත‍්‍රී රෝද රථයක් හා යතුරු පැදියක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ පොලිස් විශේෂ කාර්ය බළකාය වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් විසින් ස්කෑනර් යන්ත‍්‍රය යොදා පරීක්ෂා කළ එක් ස්ථානයක් යකඩ ඉන්නක් භාවිතා කරමින් කැණීම් සිදුකරමින් සිට ඇති බවයි.
අත්අඩංගුවටගත් සැකකරුවන් වත්තල, හුණුපිටිය, කොළඹ , පුත්තලම හා වවුනියාව ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.