එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිතා කරන ලද නිල ඇඳුමක් යාපනය කයිතඩි ප‍්‍රදේශයේ නිවසක තිබියදී චාවකච්චේරි පොලිසියේ අපරාධ කොට්ඨාසය ඉරිදා සොයා ගෙන ඇතැයි පොලිසිය කියයි.
කොටි සංවිධානයේ ටී ෂර්ට් එකක් සහ කලිසමක්ද, හිස්වැසුමක් සහ බඳ පටියක්ද ඒ අතර තිබූ බවත් ඒවා සමග කෝපායි හා පුදුකුඩිඉරිප්පුහි පදිංචි සැකකරුවන් දෙදෙනකු අතුඅඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පවසයි.

