( රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ පිහිටි අතහැරදැමූ නිවසක් ආසන්නයේ පිහිටි කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද භූගත අවි බංකරයක තිබී ආයුධ රැසක් හමු වූ බව කිලිනොච්චිය පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ පිහිටි අතහැර දැමූ නිවසක තිබූ වැසිකිළි වළක් බවට සැකකෙරෙන ස්ථානයක් පිළිබඳව ප්‍රදේශයේ ගවයින් බැලීමට ගිය පිරිසකට හමු වී එය පරික්ෂා කිරීමේදී එය තුළ ආයුධ දැක පොලීසියට දන්වා තිබේ.
අනතුරුව පොලීසිය විසින් පොලිස් විශේෂ කාර්ය බලකායට දැනුම් දී කිලිනොච්චිය අධිකරණ නියෝගයකට අනුව අදාල ස්ථානය පරික්ෂා කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පියවර ගන්නා ගෙන ඇත.
කොටි සංවිධානය විසින් භාවිතයට ගන්නා ලද ටී.56. පතුරම් 35,000ක් , අත් බෝම්බ 184ක්, ක්ලේමෝ බොම්බ 05ක් ,අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 04ක්, මිලිමීටර් 40 වර්ගයේ උණ්ඩ 34 ක්, ආර්.පී.ජී.උණ්ඩ 4 ක් ඇතුලු යුද උපකරණ තොගයක් මෙහිදී හමු වී ඇත.
අදාල ආයුධ තොගය ගොඩගන්නා විටත් දැඩි ලෙස අබලන් වී තිබූ අතර අධිකරණ නියෝගයකින් එම ආයුධ තොගය විනාශ කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පියවර ගෙන තිබේ.