කොටි අවි ගබඩාවක් මුලතිව් කැලෙන් හමුවෙයි


කොටි   සංවිධානය සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය ඇතුලු යුද උපකරණ තොගයක් මුලතිව් විශ්වමඩු, ඉලන්ගෝපුරම් ප්‍රදේශයේ  තිබි සොයාගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමඟ සිදුකළ මෙහෙයුමකදී අදාළ යුද අවි හා පුපුරණද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.

මුලතිව් මහෙස්ත්‍රාත්  අධිකරණයේ නියෝග අනුව මෙම යුද උපකරණ ගොඩගැනීම සිදු කර ඇත.

එම යුද උපකරණ අතර  මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 736 ක්, එම්.75 වර්ගයේ අත්බෝම්බ 06 ක්, ටි 82 වර්ගයේ අත්බෝම්බ 01 ක්, ආර්.පි.ජි.ගිනි අවි දෙකක්, ටි 56 ගිනි අවි කොටස් කිහිපයක්, ගුවන් යානා නාශක උණ්ඩ 80 ක්, ටැමිල් ගුණ්ඩු අත්බෝම්බ 01 ක් අදාළ ස්ථානයේ තිබි හමුවු බවද පොලීසිය සඳහන් කළේය.

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයෙන්  හමුවූ විශාලතම පුපුරණ ද්‍රව්‍ය තොගය මෙය බව ආරක්ෂක අංශ පවසයි.

මුලතිව් අධිකරණ නියෝග යටතේ අදාළ අවි තොගය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් නිශ්ක්‍රීය  කිරීමට නියමිතය.