ඉන්දිකා රාමනායක
බොරැල්ල කොටා පාරේදී සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇරතුළත් කළ බව පොලිසිය කියයි.
වෙඩි වැදීමට ලක් වූ පුද්ගලයා අසිත කුමාර නැමැත්තා බව දැනගන්නට තිබේ . ඔහු රාජගිරිය ඔබේසේකරපුර වෙඩි තැබිමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිට ඇප ලැබූ වෙකි. එම නඩුව මෙතෙක් අවසන් වී නැත.
ඔහු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති අතර ඔහුගේ අතකට තුවාල සිදුවී ඇති බව පොලිසිය කියයි