කොට්ඨාස අධ්‍යාපන ක්‍රමය අහෝසිකර කලාප ක්‍රමය ඉදිරියට


(පුෂ්පකුමාර  ජයරත්න)

පවතින කොට්ඨාස අධ්‍යාපන ක්‍රමය අහෝසිකර ඒ වෙනුවට කලාප අධ්‍යාපන කාර්යාල ක්‍රමය පමණක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (8) පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රකාශ කළේය. ඒ අනුව මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක කලාප අධ්‍යාපන කාර්යාල 98 ක සංඛ්‍යාව 200 දක්වා ඉහළ දැමීමට තමන් යෝජනා කර ඇති බව අධ්‍යාපන ඇමතිවරයා පැවසීය. 

රටපුරා ක්‍රියාත්මක වන කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වලින් බලාපොරොත්තු වන ආකාරයේ සේවාවක් ඉටු නොවන බවද, අධ්‍යාපන සේවයේ බොහෝ කාර්යයන් ඉෂ්ඨ වන්නේ කලාප අධ්‍යාපන කාර්යාල මඟින් නිසා මේ ආකාරයට කොට්ඨාස අධ්‍යාපන කාර්යාල පවත්වාගෙන යාමේ තේරුමක් නැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.