බිමල් ශ්‍යාමන් ජයසිංහ
කොට්ටාව සුහද පෙදෙස සිරමල්වත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මහළේ තරප්පු පෙළ අසල දී තියුණු ආයුධයකින් පහර දී 55 හැවිරිදි කාන්තාවක් අද (10) අලුයම ඝාතනය කර ඇයගේ දියණියගේ ගෙල පෙදෙසට තියුණු ආයුධයකින් ඇණ බරපතල තුවාල සිදු කර ඇති බව කොට්ටාව පොලිසිය පවසයි.
තුවාල ලද තරුණිය හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ ප්‍රකාශ මත පෞද්ගලික විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය පෙම්වතා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.