( මොරගහහේන කේ බුද්ධික කුමාරසිරි)
කොට්ටාව හොරණ පාරේ පිහිටි ව්‍යාපාරික සංවර්ධන සමුපකාර සමිතියට අයත් කොට්ටාව ශාඛාවට අද (19) දින දහවල් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු එහි සිටි සේවිකාවන්ට ගිනි අවියක් පෙන්වා බියකර රුපියල් හැත්තෑදහසක මුදලක් පැහැරගෙන පලා ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි
යතුරුපැදියකින් පැමින ඇති කොල්ලකරු සාමාන්‍ය හිස් ආවරණයක් පැළඳ සිට ඇති අතර එම අවස්තාවේදී අදාල ශාඛාවෙහි සේවයෙහි නියතුව සිටි සේවිකාවන් සිව් දෙනාට කුඩා පිස්තෝලයක් වැනි ගිනි අවියක් පෙන්වා ‘‘කලබල වෙන්න එපා මම කරදර කරන්නේ නැහැ තියෙන මුදල් ටික දෙන්න ’‘ යැයි පවසා ඇති බවත් බවත් පසුව එහි අයකැමිවරිය විසින් එම අවස්තාවේදී තිබූ රුපියල් හැත්තෑදහසක මුදල කොල්ලකරු ට ලබා දී ඇති ඇති බවත් පසුව කොල්ලකරු පැලැන්වත්ත දෙසට පලා ගොස් ඇති බවත් සිදු කළ මූලික විමර්ශණවලදී අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.
අදාල මුදල් මංකොල්ලය එම ශාඛාවෙහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව ඇති අතර එම දර්ශණ සහ කොල්ලකරු පලා ගිය මාර්ගයේ පිහිටි ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ කොල්ලකරු අත් අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බවද කොට්ටාව පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය