( දොඩන්දූව - සංඛ ව්ජේසූරිය ) - ගාල්ල සිට උඩුගම මාර්ගයේ කිලෝමීටර් 15 ගියවිට තිබෙන කොට්ටව කෝඹල රක්ෂිතයේ පිහිටි නාන තටාකය අද අභාවයට යමින් පවතී.
ලංකාවේ ස්වභාවික නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයක පිහිටි එකම නාන තටාකය වන මෙය 1974 දී එවකට බද්දේගම හිටපු මන්ත්‍රී නීල් ද අල්විස් මහතා විසින් විවෘත කෙරින.
පසුව 1980 ගණන් වල කැඩී විනාශයට යමින් තිබූ මෙම නාන තටාකය නැවත නවීකරණය කළද අද වන විට එය නිසියාකාරව නඩත්තු නොකිරීම නිසා විනාශයට යමින් පවතී. සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල විශාල පිරිසක් මෙහි නෑමට පැමිනේ.
එහි නෑමට යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව මුදල් අය කළත් කිසිම පහසුකමක් නැති බ ප්‍රදේශවාසීහු පවසති. නාන තටාකය අවට කැලි කසල විශාල ලෙස දැකගත හැකිය. නෑමට පැමිණෙන්නන්ට ඇදුම් මාරු කිරීමට ස්ථානයක් නැති අතර වැස්සට ආවරණය වීමට තිබූ කූඩාරම්ද කැඩී තිබේ.

