කොටහේනේදි කොටි රෑනක් හසුවේ
රුපියල් ලක්ෂ 15 බැගින් අයකර බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දුපතට යාමට තැත්කළ හතර දෙනෙකු ද එය මෙහෙයවූ බවට සැකකරන පුද්ගලයින් දෙදෙනකු කොටහේනේ ලැගුම්හලක් අසළදී අත් අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන මූලස්ථානය කියයි
මොවුන් යාපනය, විශ්වමඩු ,කල්මුණේ ,පදිංචි කරුවන් වන අතර එල් ටී ටී ඊ සාමාජිකත්වය දැරූ අය බවද පසුගිය 25 වැනිදා බෝට්ටුවක් පුරවා මේ ආකාරයෙන් පිරිසක් පිටත් කර ඇති පොලිසියට කරුණු හෙළිවී තිබේ.
මෙහි මහා මොලකාරයන්වන පරම ශිවම් චන්ද කුමාර් ඉන්දන් රූපනාදන් යන අයඅත් අඩංගුවට ගැනීමට
පොලීසිය පරික්ෂණ පවත්වන අතර සැකකරුවන් ලබන 10 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත

