කොළඹ, කොටහේන බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ රවී කරුණානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
එක් අයකු මිය ගිය බවත් වෙඩි වැදීමෙන් 13 දෙනකු තුවාල ලබා ඇති බවත් රෝහල් ආරංචි පවසයි.
වෙඩි වැදීමෙන් පසු රෝහල් ගත කළ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාහන දෙකකින් පැමිණි පිරිසක් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න







