කොටහේනේ වෙඩි තැබීම දෙපැත්ත දෙපැත්තටම අැඟිල්ල දිගුකරයි


මැතිවරණ නීතිය ඉහළින් ක‍්‍රියාත්මක කිරීමට රජය පියවර ගනිමින් සිටියදී සැළසුම් සහගතව අද සිදු කළ වෙඩි ප‍්‍රහාරය තමා හෙළා දකින බවත්, ත‍්‍රස්තවාදය යළිත් මෙරට තුළ වැපිරීමට උත්සාහ කරන රාජපක්ෂ කල්ලිය මීට වගකිව යුතු බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද  කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී පැවසීය.
බ්ලූමැන්ඩල් ප‍්‍රදේශයේ සිය ආධාරකරුවන් පිරිසකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා කොළඹ 07 ගිල්ෆර්ඞ් පෙදෙසේ කාර්යාලයක පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මෙම කරුණු කීය.

කොළඹ කොටහේනේ දී රවිකරුණානායක මුදල් ඇමතිගේ මැතිවරණ ප්‍රචාරක අවස්ථාවකට වෙඩි තැබීමේ සිද්ධිය පාතාල දෙපිරිසක් අතර සිදු වුවක් බව පෙනෙන්ට ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කොළඹදී අද පැවැසීය.

කොටහේන ප‍්‍රදේශයේදී සිදුවූ මෙම වෙඩි තැබීම පිළිබඳව වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා සත්‍ය තොරතුරු හෙළිදරව් කර මෙයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි තමන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතාගෙන් ඉල්ලා සිටින බව ද ඩිලාන් පෙරේරා මහතා මෙහිදී පැවසීය.

191  192