(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොටහේන පොලිසියෙ ආරක්ෂිත පෙට්ටියේ බහා තිබූ පිස්තෝලයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් එදින රාජකාරියේ නිරතව සිටි කාන්තා පොලිස් සැරයන්වරයකුගේ සහ ආධුනික පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ පෙරේදා(6) සිට තහනම් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මූලික විමර්ශනයක් පවත්වා මෙම පොලිස් සැරයන්වරයාගේ සහ ආධුනික පොලිස් කොස්තාපල් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු විසිනි.
අස්ථානගතව තිබූ මෙම පිස්තෝලය ඊට පසුදින පොලිස් භූමියේ පිටුපස දොරටුව ආසන්නයේ තිබූ කුණු කුඩයක් යට සඟවා තිබියදී පොලිසිය විසින්ම සොයාගෙන තිබිණි.

