කොටහේනේ අසල්වැසියෝ, රත්නම් - රිනවුන් ෆීනික්ස් කුසලාන අවසන් තරගයේදී අද ගැටෙති
කොටහේන ප‍්‍රදේශයේ අසල්වාසී කී‍්‍රඩා සමාජ දෙකක් වන රත්නම් සහ රිනවුන් කී‍්‍රඩා සමාජ කී‍්‍රඩකයෝ අද (10 වැනිදා) පැවැත්වෙන ෆීනික්ස් කුසලාන අවසන් මහා තරගයේදී තම තමන්ගේ සමත්කම් උරගා බැලීමට සූදානමින් සිටිති. මෙම තරගය කොළඹ සිටි ලීග් පාපන්දු පිටියේදී පැවැත්වීමට නියමිතය.
මෙම තරගාවලියේ පසුගිය වසරේ ශූරතාව දිනාගත් රත්නම් පිල ජාතික පිලේ කී‍්‍රඩකයකු වන ඊ. බී. චන්න විසින් මෙහෙයවනු ලබන අතර රවුමි මොහොදීන්, චතුර මධුරංග, බී. ශිවංක, කි‍්‍රෂාන්ත අබේසේකර, රිස්වාන් සයිබ්, තරිදු එරංග, එම්. යෝගරාජා, එම්. නිලූෆර්, රවීන්ද්‍ර ලසන්ත, ෂෙහාන් සිල්වේරා (ගෝල රකින්නා), සචින්ත මධුරංග රත්නම් පිලේ සෙසු ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයෝ වෙති.
තරුණ පාපන්දු තරුවක් වන එම්. අනම් විසින් මෙහෙයවනු ලබන රිනවුන් පිලේ දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියට සහභාගි වූ ශී‍්‍ර ලංකා පිල නියෝජනය කළ චතුර ගුණරත්න, මොහොමඞ් සේන් සහ මොහොමඞ් කයිස් යන කී‍්‍රඩකයෝ ද වෙති.
ගෝල රකින්නා ලෙස වයි. සතිස්කුමාර් කටයුතු කරන මෙම කණ්ඩායමට හිටපු ජාතික කී‍්‍රඩකයකු වන ෆල්සුර් රහ්මාන්, එම්, සමීර්, ධනරාජා සත්‍යයෙන්දිරන්, එම්. නෆිර්, එම්. පි‍්‍රයදර්ශන, එම්. ඉම්තියාස් යන කී‍්‍රඩකයන් ද නවක කී‍්‍රඩක ඩිලාන් ද සිල්වාද ඇතුළත් ය.
අවසන් පූර්ව තරගයෙන් තියුණු සටනක් දෙමින් අවසන 1 x 0 ක ජයක් හිමිකර ගනිමින් අවසාන මහා තරගයට සුදුසුකම් ලැබූ රත්නම් පිල ද මීට පෙර මෙම වසරේදී ම පැවැති චැම්පියන්ස් ලීග් තරගාවලියේදී රිනවුන් පිල සමග තරග වැද ඇත.
දෙවන වරටත් පැවැත්වෙන මෙම ෆීනික්ස් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරතාව හිමිකර ගන්නා කණ්ඩායමට මුදලින් රු.100,000ක් සමගින් රන් පදක්කම් ද අනුශූරතාව හිමිකර ගන්නා කණ්ඩායමට මුදලින් රු.50,000ක් සමගින් රිදී පදක්කම් ද පිරිනැමීමට නියමිතයි.

