(යොහාන් භාසුර)
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින් ප්‍රාග්ධනීකරණ වටිනාකම අද (18) දිනයේ රුපියල් ට්‍රිලියන 6 ඉක්මවා ගියේය.
කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ ගණුදෙනු අවසානයේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රුපියල් ටි්‍රලියන 6.04 ක් හෙවත් රුපියල් බිලියන 6,045 ක් ලෙස දැක්විණි.
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ ගණුදෙනු අවසානයේ ඒකක 13,457.20 ක් ලෙස බවට පත්ව තිබූ අතර එය පෙර ගණුදෙනු දිනයට සාපේක්‍ෂව ඒකක 118.71 ක ඉහළ යෑමකි.

