සඳුඳා (16) රජයේ සහ බැංකු නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කිරීමට රජය ගත් තීරණයත් සමඟ හෙට (16) වෙළෙඳපොළ නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කරන බව කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහන් කරයි.
ඒ අනුව හෙට දිනයේදී වෙළෙඳපොළ කටයුතු සිදු නොවන බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දෙයි.
කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ආරක්ෂිත පියවරක් ලෙස සඳුඳා (16) එනම් හෙට දිනය රජයේ සහ බැංකු නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට රජය ඊයේ (14) පියවර ගත්තේය.
055

