කොටදෙණියාවේ ඕ අයි සි මාරු කරන්නලු


සේයා  සදෙව්මි  දැරියගේ  ඝාතනය සම්බන්ධයෙන්  රිමාන්ඩ් බාරයේ  සිට නිදහස්  කෙරුණු  පාසල්  සිසුවාට  සහ එක් දරු  පියාට  පොලිසියේ  දි පහර  දි ඇත්දැයි  සෙවීමේ  පරික්ෂණ අවසන් වන තුරු  කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ඇතුළු වගකිව යුතු  නිලධාරින් තාවකාලිකව වෙනත්‍ පොලිසියට  යවන ලෙස ලංකා  ගුරු සංගමයේ  ලේකම්  ජෝසප්  ස්ටාලින්  මහතා  පොලිස්පති ගෙන් ඉල්ලයි.

කොටදෙනියාවේ පොලිසියේ  හා පොලිසිය භාර  නිලධාරින්  එම ස්ථානයේම සිටිය දි විමර්ශනයක් පැවැත්වුවහොත්  සාක්කිකරුවන්ට  බලපෑම් විය හැකි  බවත්, සාක්කි විනාශ  වි යෑමට  ඉඩ  ඇති  බවත් එබැවින්  සාධාරණ විමර්ශනයක්  කරන්නේ  නම්  ඔවුන්  වෙනත්  ස්ථානයකට තාවකාලිකව මාරු කළ යුතු බවත්  ස්ටාලින්  මහතා කියයි.

පාසල්  සිසුවා පෙරදින රෝහලෙන් පිටව ගිය අතර  එක්දරු  පියා  අද රෝහලෙන්  පිටවී  ගියේය. පහර  කෑමෙන්  පසු  ඇති  වු  බව කියන කනේ ආබාධයක්  ගැන පරික්ෂණ පැවැත්විමට  සිදුවා  ගම්පහ රෝහලේ  උගුරු කණ නාසය සායනයකට  කැඳවා ඇත.