(ශාන්ත චන්ද්‍රසිරි)
හැටන්, කොටගල සිරි පැරකුම් සිංහල විදුහල අසල කුණු ගොඩක තිබු වෙඩි බෙහෙත් පිරවු පාර්සලයක් අද (06) සොයා ගත්බව දිඹුල-පතන පොලීසිය පවසයි.
ගල් පිපිරවීම සඳහා යොදා ගන්නා වෙඩි බෙහෙත් කිලෝවක් පමණ ප්‍රමාණයක් මෙසේ සොයා ගෙන ඇති අතර ප්‍රදේශයේ මේ දිනවල යුද හමුදාව හා පොලීසිය එක්ව සිදු කරනු ලබන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් නිවසක තබාගෙන සිටි මෙම වෙඩි බෙහෙත් පාර්සලය මෙසේ එම ස්ථානයට කිසියම් පුද්ගලයෙකු විසින් ගෙනවිත් දමන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
මෙම වෙඩි බෙහෙත් පාර්සලය හමුවීමත් සමග දිඹුල- පතන පොලීසිය හා යුධ හමුදාව එක්ව එම පාසල අවට විශේෂ සෝදිසි මෙහයුමක්ද සිදුකරන ලදි.
වෙඩි බෙහෙත් පාර්සලය පොලීසිය භාරයට ගෙන ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල- පතන පොලීසිය වැඩිදුර පරීක්ෂණක් සිදුකරනු ලබයි.


