කොටකෙතනට යළිත් මරණ බියක්


කහවත්ත, කොටකෙතන නිවසක් අසළ ආයුධයක් රැගෙන සැඟවී සිටි පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි කියති.

මවක් හා දියණියක් පමණක් ජීවත්වන නිවසක් අසළ එසේ සැඟවී සිටි පුද්ගලයා නිවෙසේ ඇති ජනේලයෙන් දැක ඇති එම නිවෙසේ දියණිය (29) කෑගසද්දී ඔහු පළා ගොස් ඇතැයි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

කොට කලිසමක් පමණක් හැඳ උඩුකය නිරුවත්ව සිටි එම පුද්ගලයා නිවස අසලට පැමිණ ඇත්තේ කොටකෙතන ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් එම නිවසට පැමිණ පොත අත්සන් කිරීමෙන් පසුව බවට පොලිසිය සැක කරයි.

එම සිදුවීමත් සමග යළිත් කොටකෙතන වැසියන් භීතියට පත්ව ඇති අතර මීට පෙර එම ප්‍රදේශයේ කාන්තා ඝාතන 17 ක් සිදුවී ඇත.

Kotaketana_20151018 Kotaketana_20151018--2 Kotaketana_20151018--3