කොටකෙතන මූලික විරෝධතා තීන්දුව බදාදා


කොටකෙතන ද්විත්ව කාන්තා ඝාතන රැල්ලේ ආරම්භක ඝාතනය සිදුකරමින් නයනා නිල්මිණි හා කාවින්ද්‍යා චතුරංගි මව හා දියණිය ඝාතන නඩුවේ විත්තියේ නීතිඥවරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳ තීන්දුව බදාදා (23) ලබාදෙන බව කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය අද (22) ප්‍රකාශ කළාය.

විත්තිකාර රාජු නමැත්තාගේ නිවසේ කුඩු පැකට් තිබී අසුවීම විත්තිකරු මරණකාරියට බැන වැදීමේ සිද්ධීන් මරණාසන්න ප්‍රකාශ සේ සලකා මරණකාරියගේ පුත්‍රයාගේ සාක්කි මෙහෙයවීමට විරෝධය පළ කරමින් විත්තියේ නීතිඥයා විරෝධතා ගොනු කර තිබුණි.

කහවත්ත, කොටකෙතනේදී 2012 ජනවාරි 31 හෝ ඊට ආසන්න දිනයක සිදුවූ එම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් වන ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු හා අශෝකා චාන්දනී කුමාරි හෙවත් බට්ටි නමැත්තියට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇත.