( මනෝප්‍රිය ගුණසේකර)
රත්නපුර කොටකෙතන ප්‍රදේශයේදී 17 හැවිරිදි කවිද්‍යා චතුරංගනී සෙල්ලහේවා සහ ඇගේ මව වන නයනා කුමාරි(52) ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අශෝකා චාන්දනී කුමාරි නොහොත් බට්ටි නැමැත්තිය නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (25) නියෝග කළේය.
වසර පහ හමාරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර බාරයේ සිටි මෙම විත්තිකාරියට එරෙහි පැවැති කිසිඳු චෝදනාවක් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට නොමැති නිසා විත්ති වාචිකයක් නොකැඳවාම ඇය නිදහස් කිරීමටම මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
විත්තිකාරියගේ සැමියා වන ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු නැමැත්තාට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් විත්ති වාචිකයක් කැඳවීමට තීරණය කළ විනිසුරුවරයා මෙම නඩුව ලබව නොවැම්බර් 01 වැනිදා යළි කැඳවීමට නියම කළ අතර විත්තිකරු එතෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කළේය.