තම 39 හැවිරිද මව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඇගේ දෙවැනි පුතා මෙම මස 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පැල්මඩුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් චමත් සුරවීර මහතා අද නියෝග කෙළේය.
මෙසේ රිමන්ඩ් කරනු ලැබුයේ කුෂාන් මහේෂ් නමැති 18 හැවිරිදි තරුණයෙකි.
පසුගිය 5වැනි දා රාත්‍රී නිවසේ දී චන්ද්‍රානි ස්වරණලතා නම් තිදරු මව ඝාතනය කර තිබිණි.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකරු අද පෙරවරුවේ රත්නපුර රෝහලේ මානසික විශේෂ වෛදවරයා හමුවට ඉදිරිපත් කර එහි වාර්තාව අධිකරණ වෛද්‍යවරයා හරහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

