කොටකෙතන පදිංචිව සිටි කාවිද්‍යා චතුරංගි සහ නයනා නිල්මිණි යන දියණිය හා මව අමානුෂිය ලෙස ලෙස ඝාතනය කිරීමේ නඩුව අද ප්‍රථම වතාවට කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනිණි.
මින් පෙර එම නඩු විභාගය පැවතියේ රත්නපුර මහාධිකරණයේය.
ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු සහ ඔහුගේ බිරිඳ වන රසිකා චාන්දනී හෙවත් බට්ටි යන දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් නඩු විභාගය සදහා කොළඹ මහාධිකරණයට රැගෙන ආ අතර ඔවුන් වෙනුවෙන් ජනපති නීතීඥ රියෙන්සි ආර්ස කුලරත්න මහතා පෙනී සිටියේය.
ඝාතනය කෙරුණූ කාවිද්‍යා දැරියගේ පියා වන රෝහිත සෙල්ලහේවා සහෝදරයා චතුරංග සෙල්ලහේවා ඇතුළු පවුලේ ඥාතීන් කිහිප දෙනකු ද නඩු විභාගය සදහා පැමිණ සිටි අතර මෙම ඝාතන නඩුවේ සැකකරුවකුව සිට නිදහස ලැබු හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී ලොකුගම් හේවගේ ධර්මසිරි නැමැත්තාද තම බිරිඳ සමග පැමිණ සිටියේය.
නඩු විභාගය දෙසැම්බර් 13වැනිදා විභාග කිරීමටත් ලබන ජනවාරී මාසයේ සිට අඛණ්ඩව පැවැත්වීමටත් මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අද තීරණය කළාය.

