කහවත්ත කොටකෙතන ජී ප්‍රේමවතී හා ඇගේ දියණිය පුෂ්පා 2012 ජුලි 19 වැනිදා මරා දැමී යැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින නාමල් චමින්ද සිල්වා ,සිසිර ප්‍රියන්ත හෙවත් නුෂාර හා මහාලොකුගම් හේවගේ මිතිලට ඇප දෙනවාද නැද්ද යන්න ප්‍රකාශ කිරීම කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මෙනවිය විසින් මාර්තු 18 වැනිදාට කල් තැබිය.
ඔවුනට ඇපදීමට රජයේ නීතීඥ හිමාෂි ද සිල්වා මහත්මිය විරුද්ධ වුවාය.
සැකකරුගේ නීතීඥවරයා කියා සිටියේ ඔවුන් වසරකට වඩා රිමාන්ඩ් භාරයේ සිටි බවයි.

