බියගම කැලණිය පාරේ දී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 85.5 වීදි වටිනාකම රුපියල් කෝටි 65ක් පමණ වෙතියි අනුමාන කෙරේ. 2013 වසරේ හොරොයින් කිලෝවක වීදි වටිනාකම රුපියල් ලක්ෂ 75-80ක් පමණ වූ බව ආරක්ෂක අංශ කියයි.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු ඔත්තුවක් අනුව මේ වැටලීම කර ඇත.
මුළු වටිනාකම කෙතෙක්දැයි මෙතෙක් ගණන් බලා නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
ත්‍රීරෝද රථයකින් හා හයිබ්‍රිඩ් කාරයකින් මෙම පිරිසිදු හෙරොයින් තොගය රැගෙන ගිය බව කියන දෙදෙනා කොළඹ කොච්චිකඩේ පදිංචිකරුවන් බවත් දැනගන්නට ඇත.

