කොග්ගල මුහුදේ දිය නාන්න ගිය අයෙක් මරුට


 

සිරංගිකා ලොකුකරවිට

ගාල්ල කොග්ගල මුහුදේ අද (3) දිය නෑමට ගිය පුද්ගලයකු මුහුදේ ගිලී මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය කියයි. 

වැලිගම පදිංචි 36 හැවිරිදි මෙම පුද්ගලයාගේ සිරුර දහවල් 1.30 ට පමණ හබරාදුව මුහුදු තීරයට ගොඩ ගසා තිබි ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන ඇත.

මොහු කොග්ගල ගුවන් හමුදා කඳවුරේ සිවිල් සේවකයකු බව පැවසේ.