කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ වැඩ අරඹයි


සිරිනිහාල් ගමගේ                                         

ඇදිරි නීතිය නිසා වසා දමා තිබු  කොග්ගල නිදහස් වෙලද කලාපයේ ස්ථාපිත කර්මාන්ත ශාලවන් වල සේවකයින් සංඛ්‍යාවෙන් 20% ක් වැඩ හෙට (20)දින ආරම්භ කිරිමට නියමිතව ඇති බව ආයෝජන මංඩලයේ වෙලද කලාපයේ උසස් නිලධාරියෙක් පැවසීය.     

දැනටමත් කර්මාන්ත ශාලවන් දෙකක සේවකයින්  ප්‍රමාණවත් සේවාව ආරස්භ කර අති අතර ඔවුන් පිලිබදව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා කාර්‍ය මණ්ඩලයේ පුර්ණ අධක්ෂණය මත එම කටයුතු සිදු කරන බව පැවසීය .                                               

අද 20 දින ආරම්භ කරන කර්මාන්ත ශාලවන් වල පරිපාලනයට සෞඛ්‍ය බලධාරින් විසින් ලබාදෙන නියෝග හා උපදෙස් පරිදි කටයුතු කිරීමට සිදුවන අතර නිතැතින් සෑම කර්මාන්තය ශාලාවක්ම සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ කටයුතු කිරිමට නියමිතව ඇත .

මේ සදහා කොග්ගල නිදහස් වෙලද කලාපයේ ප්‍රදාන දොරටුව අසල සිට සෑම ස්ථානයක්ම විශබීජහරණය කිරිම සිදු කලේය .