කොකේන් සහ මත්පෙති සමඟ 17ක් අත්අඩංගුවට


(ක්‍රිෂාන්ජීවක ජයරුක්)

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහඳුනා ගෙන සංවිධානය කළ පාටියකට සහභාගී වී කොකේන් හා හඳුනා නොගත් මත් පෙති පානය කරමින් සිටි රංගන ශිල්පිනියක ඇතුළු තරුණ තරුණියන් 17දෙනෙකු අද (03) මාතර පොල්හේන ප්‍රදේශයේ හෝටලයක් තුලදී අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි.

අන්තර් ජාලයේ ෆේස් බුක් හරහා සම්බන්ධ වී ඇති ඔවුන් මාතර මිරිස්සේ හෝටලයක පැවති සාදයටට සහභාගීවී තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

රාත්‍රීය පුරාවට පැවති එම පාටියට විදේශිකයින් ඇතුළු තරුණ තරුණියන් 1500ක පමණ පිරිසක් සහභාගිවී ඇති බවද සැකකරුවන් පිරිස ඒ අතරතුරදී විවේකයක් ගැනීමට ඉන් පිටතට පැමිණ ඇති බවද කියති.

කෙසේ වෙතත් සැකකරුවන් සන්තකයේ තිබී කොකේන් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 550 ක් හා මිලි ග්‍රෑම් 250 ක්‍ අඩංගු හඳුනා නොගත් මත් පෙත්තක් පොලිසිය සොයා ගෙන ඇත. 

ඒ පිළිබඳ මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතාට ලැබුණු තොරතුරකට අනුව කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය මෙම වැටලීම සිදු කර තිබුණි.

ඒ වන විට අදාල රංගන ශිල්පිනිය ඇතුළු තරුණියන් තිදෙනා මත්වී අඩ නිරුවතින් සිටි බව පොලිසිය කියයි.

මාතර,කොලඹ,පානදුර,කෙසෙල්වත්ත,ජා ඇල,මාබෝලහා වත්තල පදිංචි සැකකරුවන් පිරිස හෙට (04) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.