(ඉන්දිකා රාමනායක)
කොකේන් කිලෝ 2 යි ග‍්‍රෑම් 615 ක් සමඟ කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන සිටි 50 හැවිරිදි බොලිවියානු ජාතික කාන්තාවකට මීගමුව මහධිකරණ අද (26) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම කාන්තාවන් 2016.09.13 දින කටුනායක ගුවන්තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාර දී තිබුණි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විත්තිකාරියට එරෙහිව මහධිකරණයේ නඩු පවරා තිබූ අතර විත්තිකාරිය අධිකරණය හමුවේ වරද පිළිගැනීම හේතුවෙන් ඇයට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.

