(ටී.කේ.ජී.කපිල )
කොකේන් තොගයක් ගුලි වශයෙන් සකස් කර, ඒවා ගිල දමා පැමිණි තවත් බ්‍රසීල ජාතිකයකු අද (1) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
මොහු 24 හැවිරිදි බ්‍රසීල ජාතිකයෙකි. මොහු බ්‍රසීලයේ සිට දෝහා වෙත පැමිණ, එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරණ ගුවන් යානයෙන් අද (7) උදෑසන 10.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.
නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක සහ ශ්‍රී ලාල් විජේවර්ධන යන මහත්වරුන් මෙම බ්‍රසීල ජාතිකයා අත්අඩංගුවට ගැනීම සිදු කෙරිණි.
මෙම බ්‍රසීල ජාතිකයා ද රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා කොකේන් ගුලි 100 ක් පමණ ගිල දමා මෙසේ පැමිණ ඇති බව රේගුව අනුමාන කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ රේගු නිලධාරීන්,පසුව වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම බ්‍රසීල ජාතිකයා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත බාර දීමට පියවර ගෙන තිබේ .
එහිදී එම නිලධාරීන් වහාම මෙම බ්‍රසීල ජාතිකයා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර අද (1) දහවල් 12.00 පමණ වනවිට ඔහු ගිල දමා තිබූ කොකේන් ගුලි 05 ක් එළියට ගැනීමට මීගමුව රෝහල් වෛද්‍යවරු සමත් වුහ.
මේ අතර දැනට මීගමුව මහ රෝහලේ සිටින මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රසීල ජාතිකයා මේ වනවිට රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා කොකේන් ගුලි 73 එළියට දමා ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසස් නිලධාරීවරයකු පැවසීය.