කැලණි ගඟට තෙල් මිශ්‍ර වූ බව කියන බියගම කොකා කොලා කම්හලේ පරිසර ආරක්ෂණ බලපත්‍රය (ඊපීඑල්) තාවකාලිකව අත්හිටැවූ බවත්, ආයතන කිහිපයක් එක් වී ඒ ගැන පරීක්ෂණ පවත්වන බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා කියයි.
ආයතනයට නැවත බලපත්‍රය ලබා දීමට නම් නැවත මෙවැනි දෑ සිදු නොවීමට කෙටි කාලීන හා දිගු කාලීන පියවර කිහිපයක් ගැනීමට ගත යුතු බව ආයතන කිහිපයක නිලධාරීන් එක්ව තීරණයක් ගත් බව ද ධර්මසිරි මහතා පවසයි.
විමර්ශන කටයුතු අවසන් වූ පසු කෙටි කාලයකට තාවකාලිකව පරිසර ආරක්ෂණ බලපත්‍රය දී කෙටිකාලීන නිර්දේශ පිළිපදින්නේදැයි සොයා බලන බවත්, කෙටි කාලීන නිර්දේශ හරි ආකාරව ක්‍රියාත්මක කළහොත් පමණත් බලපත්‍රය දීරග කරණ බවත්, එසේ නැතහොත් එය අහෝසි කරන බවත් සභාපතිවරයා සඳහන් කරයි.
කැලණි ගඟට මිශ්‍ර වූ තෙල් ඉවත් කිරීම ඇතුළු කටයුතු සඳහා දැනටමත් එම ආයතනය සමුද්‍රික පරිසර ආරක්ෂණ අධිකාරියට මුදල් ප්‍රමාණයක් දී ඇති බව කියන සභාපතිවරයා ඉදිරියේ ද මේ ගැන සෙවිල්ලෙන් පසුවන බව ද පවසයි.

