කොක්මාදූවට මි.මී 125 ක වැසි


පසුගිය 24 පැයේදී කොක්මාදූව නලවනකන්දට මිලි මීටර් 125 ක වැසි ලැබී ඇතැයි එහි වැසි මාපක යන්ත්‍රවල සටහන්වී ඇතැයි නිලධරයෝ කියති.

අදත් කඩින් කඩ වැසි පැවැති බවත් වැසි පහව යන තුරු ඉමදූව - කොක්මාදූව කිලෝ මීටර් 7 ක කොටස වසා තැබීමටත් දක්ෂිණ අධිවේගී මාර්ග බලධරයෝ තීරණය කළහ.

නලවන කන්ද අසල අනතුරු ඇඟවීමේ පුවරු සවිකිරීමටද යයි.