දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව - කොක්මාදූව නාය යාම පිළිසකර කිරීමට රුපියල් කෝටි 50ක් පමණ වැයවෙතියි අද (2) උදේ එම ස්ථානයට ගිය ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතාට නිලධරයෝ කීහ.
එම වියදම පාර ඉදිකළ සමාගම්වලින් අයකර ගැනීම කෙරෙහි රජයේ සැලකිල්ල යොමුවී ඇතැයි ගන්කන්ද මහතා ප්‍රකාශ කෙළේය.
පාරේ එම කොටස යළි විවෘත කරන දිනය ප්‍රකාශ කිරීමට දැන්ම නොහැකි බව ඔහු කීවේය.
නියෝජ්‍ය ඇමැති පාර ඉදිකළ සමාගම් සමග අද සාකච්ඡාවක් කිරීමට යයි.
(ජායාරූප අමිල මධුෂංක)
(විඩියෝ - ක්‍රිසාන් ජිවක ජයරුක්)

![SAM_3368[1]589](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/SAM_33681589.jpg)
![SAM_3363[1]69](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/SAM_3363169.jpg)
![SAM_3367[1]56](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/SAM_3367156.jpg)
![SAM_3349[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/SAM_33491.jpg)
![SAM_3371[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/SAM_33711.jpg)
![SAM_3372[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/SAM_33721.jpg)
![SAM_3379[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/SAM_33791.jpg)
