කොංගෝවෙත් කොරෝනා


කොංගෝවේ තඹ සහ කෝබෝල්ට් පතල් කර්මාන්තය සඳහා ප්‍රසිද්ධ හවුට් කටංගා පළාත පැය 48ක් සඳහා අගුලු දමා ඇත. 

එම පළාතෙන් කොරෝනා වයිරස ආසාදිතයන් දෙදෙනකු තහවුරු වීමෙන් පසුව මෙම වසා දැමීම සිදුකළ බව ආණ්ඩුකාර ජැක් කියබුලා මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ ගිනිකොණ දිග පළාතේ මායිම් ද වසා දමා ඇති බවයි.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ තහවුරු කරගත් කොරෝනා වයිරස රෝගීන් සංඛ්‍යාව 30ක් වන අතර මේවන විට කොරෝනා ආසාදිත මරණ දෙකක් සිදුවී තිබේ.

අප්‍රිකාව පුරා කොරෝනා වෛරස රෝගීන් 1 000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

සාපේක්ෂව අඩු සෞඛ්‍ය පහසුකම් සහිත අප්‍රිකානු අර්ධද්වීපයේ කොරෝනා ආසාදිතයින් පාලනය කිරීම බරපතල ගැටලුවක් වනු ඇතැයි ද ඔවුහු වැඩිදුරටත් පවසති.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)