කේලම්කාරයනට, බොරු විවේචකයනට ජනපතිගෙන් අවවාදයක්
”එක් එක් අයට අවශ්‍ය විසැඳුම් හෝ පිටරටට අවශ්‍ය විසැඳුම් අපේ රජයෙන් දෙන්නේ නැහැ. අප දෙන්නේ අපේ රටට අවශ්‍ය විසැඳුම්. එහෙයින් පිටරට ගිහින් කේලාම් නොකියා අපේ රට ගොඩ ගැනීමට උදව් කරන ලෙස එවැනි අයට ඇරියුම් කරනවා” යැයි මහින්ද රාජපක්ෂ ජනපති පොළොන්නරුව ගල්ලෑල්ලේ දී ප‍්‍රකාශ කෙළේය.
බොරු තර්ක මත බොරු විවේචන නොකැර ක්‍රෝධය හා වෛරය, නොපතුරුවා සාධාරණ විවේචනය මාධ්‍ය යුතුකම බව කී ජනපති රජය ජනමාධ්‍යයට කැමැති බව ද සඳහන් කෙළේය.

