කේරළයට කොළඹින් රන් අදි


කැරට් 24 රත්තරං වලින් රළු ලෙස තැනු ස්වර්ණාභරණ ග්‍රෑම් 628 ක් කේරළයේ නෙදුම්බාසරි අන්තර්ජාතික ගුවන්තොටේදී  අත්අඩංගුවට ගත් බවත් එම රන්  රැගෙන ආ හත් දෙනා අතර ශ්‍රී ලාංකිකයන් තිදෙනකු සිටින බවත් කේරළ රේගුව කියයි.

මෙම රන් අබරණ සිරුරේ සඟවාගෙන කොළඹ සිට ගුවන් මගින් ගොස් ඇතැයි ද ප්‍රකාශ කිරීමට කිසිවක් නැති බව කියමින් ගුවන්තොටින් එළියට යද්දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇතැයි ද කේරළ රේගුව පවසයි.