කේරළ ගංජා සමඟ තුනක් මාට්ටු


(ගයාන් සූරියආරච්චි සහ රොමේෂ් මධුශංක)

රුපියල් මිලියන 109 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු යාපනය තාලයඩි අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 ත් 54 ත් අතර වයසේ පසුවන පේසාලේ සහ යාපනය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව නාවික හමුදාව කියයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙසිය හැත්තෑ තුනකට අධික තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.       

එහිදී ඩිංගි යාත්‍රාව තුළ තිබී උර තුනක පාර්සල් හැටක අසුරන ලද  කේරළ ගංජා කිලෝ 138 ග්‍රෑම් 110 ක තොගයක් නාවික හමුදා භාරයට ගනු ලැබීය .

අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන එකසිය නවයකට (109) අධික බව නාවික හමුදාව පවසයි .අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරුතංකේනි පොලිස් ස්ථානය වෙතත් භාරදීමට කටයුතු කෙරිණි.