ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ කේරළ ගංජා කිලෝ 132ක් යාපනය මාදගල් ධීවරය ගම්මානයේ දී එක් සැකකරුවකු සමග අත්අඩංගුවට ගත් බව ඉලවාලෛ පොලිසිය කියයි. තවත් සැකකරුවකු පැනගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් අරඹා ඇත. උතුරෙන් ඇල්ලූ වැඩිම ගංජා ප්‍රමාණය මෙය බව පොලිසිය කියයි. මෙහි වීදි වටිනාකම රුපියල් කෝටියකට අධික බව ද පොලිසිය පවසයි.

