කේරළ ගංජා කිලෝ 51 ක් වැල්වැටිතුරෙන් සොයාගනී


( සිතුම් චතුරංග )

ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවකින් රැගෙනවිත් යාපනය වැල්වැටිතුරෙයි උදයසූරියන් ක‍්‍රිඩාංගනය අසල දමාගිය රුපියල් ලක්ෂ 62 ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 51 යි ග්‍රෑම් 800ක් අද (24) අලූයම සොයාගත් බව වැල්වැටිතුරෙයි පොලිසිය පවසයි.

ධීවර බෝට්ටු මගින් ඉන්දියාවේ සිට ප‍්‍රවාහනය කෙරන කේරළ ගංජා ජාවාරමක් පිළිබඳ ලැබුණ තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් සිදුකළ වැටලීමකදී කේරළ ගංජා තොගය අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි.

වැල්වැටිතුරෙයි පොලිසිය පැවසූයේ අත්අඩංගුවටගත් කේරළ ගංජා තොගය කොළඹ ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරීම සඳහා සූදානම් කොට තිබූ බවට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වූ බවයි.

අත්අඩංගුවටගත් කේරළ ගංජා තොගය යාපනය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.