කේරළ ගංජා කිලෝ 100ක් බස් රථයක


(රොමේෂ් මධුෂංඛ)
 
රුපියල් කෝටි තුනහමාරකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 100 ක් යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වූ අධිසුඛෝපභෝගි බස් රථයක තිබී අද (12) අත්අඩංගුවට ගත් බවට කනගරායන්කුලම් පොලිසිය කියයි.

කනගරායන්කුලම් පොලීසියට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව යාපනය-මහනුවර මාර්ගයේ කනගරායන්කුලම් ප්‍රදේශයේදී මුරකාවල් යොදා කරනු ලැබු හදිසි වැටලීමකදී මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත.

ඒ සමග සැකකරුවන් දෙදෙනකුද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අදාළ බස් රථයේ ඉරිදා දින මගීන් බොහෝ සෙයින් අඩුවෙන් ගමන් කරන හෙයින් කේරළ ගංජා ප්‍රවාහනය කිරීමට මෙම බස් රථය යොදාගෙන ඇතැයි අනාවරණය වූ බව පොලිසිය කියයි.