අනතුරට පත් ඩක්කුවේ එකවර ගමන් කළ හැක්කේ හත් දෙනෙකුට වුවද අනතුර වන අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා දහතුන් දෙනෙකු එහි ගමන් කර ඇති බව පොලිසිය කියයි.
මීටර් නමසිය පනහක් පමණක්ම කන්ද මුදලට ගිය පසු එහි කේබලය දෙකට කැඩී ආපසු පහළට ඇදී යද්දී භික්ෂූන් වහන්සේලා දෙනමක් එයින් පැන ඇති බවද කියයි.
බරපතල තත්ත්වයේ පසුවන භික්ෂුන් වහන්සේ දෙනමක් කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කර තිබේ.
‘එකවරම ආරණ්‍ය පැත්තෙන් විශාල ශබ්ධයක් ඇසුණා‘ ටිකකින් විහාරස්ථානයේ හදිසි අනතුරක් බවට සැල කෙරෙන සංඥාවක් නිකුත් වුණා. ඊට පසුව තමයි අපි සැම දෙනෙක්ම එම ස්ථානයට ගියේ‘ යනුවෙන් අදහස් දැක්වූ ප්රදේශවාසියෙක් සඳහන් කළේය.



කුරුණෑගල පන්සියගම නා උයන. ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන හිමිවරුන් වැඩම කරන කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් හිමිවරුන් හත් දෙනකු අපවත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
අපවත් වූ හිමිවරුන් අතර රුසියන් රුමෙනියා සහ ඉන්දියාවේ වෙසෙන හිමිවරුන් තිදෙනකු ද වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
අපවත් වූ හිමිවරුන් වයස අවුරුදු 27 - 48 පසුවන්නන්ය. සිදුවූ අනතුරින් තුවාල ලද තවත් හිමිවරුන් හය දෙනකු කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
එම ඩක්කුවෙන් හිමිවරුන් 13 කු ගමන් කර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
අපවත්වූහිමිවරු මෙසේය...
රුමේනියාවේ ධම්ම රන්සි හිමි (47) , රුසියාවේ ධම්ම රක්කිත හිමි( 34), ඉන්දියාවේ ධම්ම ගවේෂී හිමි (34) නාවලපිටිය උත්තර නන්ද හිමි (27) ,උඩවලවේ සත්ත සුමන හිමි (41)නු,ගේගොඩ විපස්සී හිමි (37)මල්වානේගම සමිද්ධ හිමි (47)


කුරුණෑගල මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩා වැටීමෙන් සිදු වු අනතුරකින් භාවනා යෝගි භික්ෂූන් වහන්සේලා හත් නමක් අපවත් වි අතැයි පොලිසිය කියයි.
අනතුර සිදවන අවස්ථාවේ එහි භික්ෂූන් වහන්සේ 13 නමක් වැඩම කර ඇත. අපවත් වූ භික්ෂූන් වහන්සේ අතර විදෙස් හිමිවරු ද වන බව වාර්තා වේ.
තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා මේ වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇතැයිද ඉන් කීපනමකගේ තත්වය බරපතල බව ද රොහල් ප්‍රකාශකයෙක් පැවැසී.
කන්ද මුදුනේ ඇති භාවනා කුටි වෙත වැඩම කරද්දි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ ,සජීවා කෝට්ටේගොඩ සහ චාන්දනී දිසානායක)

